නිරිතදිග ෆින්ලන්තයේ යුරා ගුවන්තොටුපළ අසල වනාන්තර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී එම හෙලිකොප්ටර් යානා 2 කඩා වැටීමෙන් පුද්ගලයන් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි.
කඩා වැටුණු හෙලිකොප්ටර් 2න් එකක් එස්තෝනියාවේ ලියාපදිංචි කර ඇති බවයි බවයි වාර්තා වන්නේ.
අනෙක් යානය ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර තිබෙනවා.
(colombotimes.lk)