19 May 2025


චාමරට ලැබුණු අලුත්ම නියෝගය



බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇප මත මුදාහැරීමට අද (19) නියෝග කර තිබෙනවා.

ඒ බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින්.

ඌව පළාත් මහ ඇමති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වසරේදී පෙර පාසල් ළමුන්ට පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 10ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පණත යටතේ ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයදුම සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහුව මුදාහැර තිබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)