19 May 2025


මහින්දානන්ද අලුත්ගමගේ උසාවියට



අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා වරෙන්තු නිකුත් කළා.

එම නඩුව අද කැඳවීම සඳහා ඔහුගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)