19 May 2025


කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ලැබෙන වැසි ජලාශ පිරීමට ප්‍රමාණවත් නොවන බව එම ජලාශ භාර ඉන්ජිනේරුවන් පවසනවා.

ඔවුන් සඳහන් කළේ අද (19) උදෑසන 06 වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 30ක් සහ මාවුස්සාකැලේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 43 දක්වා පහළ බැස ඇති බවයි.

එම ජලාශ දෙකේම දැනට පවතින ජල ධාරිතාවයෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැන්යොන්, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.





(colombotimes.lk)