ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.
ඔහු සදහන් කළේ එම සංවිධානය විදේශීය මෙන්ම ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ බවයි.
මෙම පියවර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සහ වින්දිතයන්ට යුක්තිය සහතික කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ කැපවීම පිළිබිඹු කරන බවත් රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළා.
මේ අතර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සඳහන් කළේ ත්‍රස්තවාදය, බෙදුම්වාදය සහ අන්තවාදයට එරෙහිව දැඩි ස්ථාවරයක් අවශ්‍ය බවයි.
පසුගිය අප්‍රේල් 22වනදා ජම්මු සහ කාශ්මීර්හී පහල්ගම් ත්‍රස්ථ ප්‍රහාරය එල්ල වුණා.
එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 26දෙනෙක් මිය ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්ථානය අතර යුධමය තත්ත්වයක්ද හට ගැනුණා.
(colombotimes.lk)