18 July 2025

logo

තාවකාලික රියදුරු ගමන් බලපත්‍ර ගුවන්තොටුපොළේදීම



මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
 
ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන්තොටුපොළේදී ස්ථාපිත කිරීමට නියමිතයි.

මේ වන විට මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යාමට සිදු වනවා. 

අමාත්‍යාංශය සඳහන් කළේ මෙය කාලය හා මුදල් නාස්තියක් බවට පෙන්වාදීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
 
මෙම නව වැඩපිළිවෙළ ලබන මස 03වනදා සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)