18 July 2025

logo

ආරුක්කු 09 පාලමට රාත්‍රී කාලයේදී ලොකු වෙනසක්



ඇල්ල - දෙමෝදර ආරුක්කු 9 පාලම සහ ඒ අවට ප්‍රදේශය වෙත සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ රාත්‍රී කාලයේදී එම ප්‍රදේශයේ විදුලි ආලෝක පහන් දල්වා, සංචාරකයන් වෙත ආරුක්කු 9 පාලම සහ ඒ අවට ප්‍රදේශය නැරඹීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

මෙහි වැඩිදියුණු කිරීම් සිදු කර සංචාරක ආකර්ෂණය වැඩි වූ පසු මෙම ස්ථානය නැරඹීමට යාමේදී යම් මුදලක් ගෙවීමට සිදු වන බවත් දේශීය සංචාරකයන් සඳහා අවම මුදලක් අය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එළඹෙන අගෝස්තු මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

(colombotimes.lk)