දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ සඳහන් කළේ කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයන්, ගර්භනී මව්වරුන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස සෞඛ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)