26 June 2025

logo

ඉරාන තානාපතිවරයා සහ විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක්



ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

සිය X ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබදව මෙහිදී අවධානය යොමුවූ බවයි. 

කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සාහයන්හී වැදගත්කම මෙම සාකච්ඡාවේදී ඉරාන තානාපතිවරයාට අවධාරණය කළ බව අමාත්‍යවරයා පවසනවා. 

ඔහු කියා සිටියේ තවදුරටත් ගැටුම් උත්සන්න වීම කලාපයට සහ ශ්‍රී ලංකාවට සිදු කරන බලපෑම් පිළිබඳව මෙන්ම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි.
 
මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉදිරි සතියේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 

ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම සාකච්ඡාචලින් අනතුරුව ගිවිසුමකට ද එළඹීමට හැකි වනු ඇති බවයි. 

(colombotimes.lk)