28 December 2024


රජයේ රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක්



රජයේ රෝහල්වල 530කට ආසන්න විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් හටගෙන තිබෙනවා.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ විකිරණ තාක්ෂණවේදී අනුමත සේවක සංඛ්‍යාව ලෙස 1,150ක් සිටිය යුතු වුවත් මේ වන විට සේවයේ නිරත වන්නේ 620කට ආසන්න පිරිසක් බවයි.

විකිරණවේදීන් බඳවා ගැනීම් වසර 2කට වැඩි කාලයක් සිදු නොවීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර සහ පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම මේ වන විට අපහසු වී තිබෙනවා.

මේ අතර පසුගිය වසර එකහමාර ඇතුළත විකිරණ තාක්ෂණවේදීන් 80කට වැඩි පිරිසක් විදේශගත වී ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)