02 April 2025


නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ලංකාවට



ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

ප්‍රංශය, පලස්තීනය සහ නේපාලයට මෙලෙස නව තානාපතිවරු පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් සහ පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි. එම්. කලීල් පත්ව තිබෙනවා.

එමෙන්ම නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)