08 April 2025


දැඩි ආරක්ෂාවක් මැද දේශබන්දු අධිකරණයට



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩ තහනමකට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.

2023 වසරේ වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ඔහු පසුගිය 20වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

 
(colombotimes.lk)