17 April 2025


මාස 6කට පෙට්‍රල් 92 නැව් 05ක් මිල දී ගනියි



2025 අප්‍රේල් 15වනදා සිට ඔක්තෝබර් 14වනදා දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 05ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

එම කාලය සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා සැපයුම්කරුවන් 07දෙනෙක් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

 
(colombotimes.lk)