රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව මේ වන විට රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.
'2025 අයවැය මඟින් යෝජිත රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල' යටතේ නියමිත බඳවා ගැනීම් පටිපාටිවලට අනුකූලව අයදුම්පත් කැඳවා එම බඳවා ගැනීම සිදු කිරීම වෙනුවෙන් අදාළ අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)