දුම්රිය රියදුරන්ගේ විභාගයක් හේතුවෙන් අද (18) පෙරවරුවේදීත් කෙටි දුර ගමන්වාර 15ක් පමණ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය රියදුරු සංගමයේ සභාපති ජේ. ඒ. යූ. කොන්තසිංහ සඳහන් කළේ කෙසේ වෙතත් ප්රධාන දුම්රියන් අවලංගු කිරීමකින් තොරව ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි.
එමෙන්ම කලින් ආසන වෙන්කළ දුම්රියන්වලට සහ රාත්රී තැපැල් දුම්රියන් සඳහා මෙමඟින් බාධාවක් මතු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)