දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුවී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඒ හේතුවෙන් අද (17) පෙරවරුවේ යාපනය, බදුල්ල ඇතුළු දුර ගමන් සේවා දුම්රිය අවලංගු කර ඇති බවයි.
එමෙන්ම ධාවනය වීමට නියමිතව තිබූ ඊයේ රාත්‍රී තැපැල් දුම්රියද අවලංගු කර තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ බඳවා ගැනීම් සහ උසස්වීම් ක්‍රියාවලියේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)