26 December 2024


මැතිවරණ රාජකාරියේ යෙදුණු නිලධාරීන් දෙදෙනෙක් හදිසියේ මියයයි



ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙක්ට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු කළ අයෙක් හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි.

එමෙන්ම කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක කාර්ය මණ්ඩලයක සේවය කළ 57 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී  තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)