කටාන - දෙමන්හංදිය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී ගිනිඅවි 04ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුව ගෙන තිබෙනවා.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51 සහ 58වන කටියල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
එක් සැකකරුවෙක් සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, ටී.56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ටීකටස් වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වර් ගිනි අවි සෑදීමට භාවිතා කළ හැකි ආකෘතියක් සහ ගිනි අවි සෑදීමට යොදා ගන්නා ලද උපකරණ කිහිපයක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
(colombotimes.lk)