නෙළුව - පැලවත්ත මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ තේ දළු රැගෙන ගිය ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරින් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ නෙළුව කළුබෝවිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 සහ 27 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක්.
පොලීසිය සඳහන් කළේ ලොරි රථය නෙළුව දෙස සිට පැලවත්ත දෙසට ගමන්කර ඇති අතර පැලවත්ත දෙස සිට නෙළුව දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය හතේ කණුව ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී ඇති බවයි.
එම අනතුරෙන් තුවාල ලැබූ තුවාලකරුවන් මීගහතැන්න රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
(colombotimes.lk)