රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අද (25) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ හර්ෂණ සූරියප්පෙරුම සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවල පුරප්පාඩු ඇති වුණා.
(colombotimes.lk)