26 December 2024


විජිත හේරත් අමාත්‍ය ධූරයේ වැඩ භාරගනියි



විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් අද (18) සිය අමාත්‍ය ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.

ඔහු මීට පෙර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

එමෙන්ම ඔහු මීට පෙර 2004 - 2005 වසරේ එවකට පැවති රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)