29 May 2025


ග්‍රාම නිලධාරීන් සේවයෙන් ඉවතට



ග්‍රාම නිලධාරීන් අද (27) සහ හෙට (28) සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

එහි සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළේ ඔවුන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති අකුරුට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අමතරව මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගෙන ඇති බවයි.

ඔවුන් රජයට බල කරමින් ඉල්ලා සිටින්නේ තම සේවා ව්‍යවස්ථාව සම්පාදනය කරදෙන ලෙසත් 2016යෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව හෝ ඉන්ධන දීමනාව හෝ කුමක් හෝ දීමනාවක් වැඩි කර දෙන ලෙසයි.
(colombotimes.lk)