colombotimes.lk
සිංහල | English

02 May 2024

ඡන්ද හිමි නාමලේඛන සැකසීම අදින් ඇරඹෙයි



2024 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම අද (09) ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.
 
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් එස්. රත්නායක කියා සිටියේ ඡන්ද හිමි නාමලේඛනයට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට නොහැකි වූවා නම් ඒ සඳහා අද සිට මැයි මස (06) වනදා දක්වා අවස්ථාව හිමි වන බවයි.

ඒ සඳහා නම ඇතුළත් කර ගැනීම සඳහා ග්‍රාමසේවා නිළධාරිවරයා හෝ මැතිවරණ කාර්යාලය නැතහොත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට අවස්ථාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)