24 March 2025


බොරතෙල් මිලට අද සිදු වුණු දේ



ලෝක වෙළදපොළේ බොරතෙල් මිල අද (23) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 72.16ක් ලෙසයි.

එය පසුගිය දිනයට සාපේක්ෂව 0.21ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඇමරිකානු ඩොලර් 68.28ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)