07 January 2025


මොකටද අපිට නීතියක්? | LAW TIMES ගෙනෙන නවතම වැඩසටහන අද සිට



නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙක්ම එක ලෙස සමානවීම හා සෑම පුරවැසියෙක්ම පවතින නීතිය පිළිබඳ දැනුවත් යැයි පූර්ව නිගමනය කිරීම හේතුවෙන් නීතිය නොදැන සිටීම අධිකරණය ඉදිරියේ නිදහසට හේතුවක් නොවන බව ඔබ දන්නවාද?

එබැවින් එදිනෙදා ජීවිතයේදී ඔබට අත්‍යවශ්‍ය වන සරල නීති රෙගුලාසි පිළිබදව ඔබව දැනුවත් කිරීමට Colombo Times වෙතින් නවතම වැඩසටහන් මාලාවක්  'LAW TIMES' හරහා අද (06) සිට ගෙන ඒමට සූදානම්.

එම වැඩසටහන් මාලාව සෑම සඳුදා දිනකම Colombo Times YouTube නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව පවතිනවා.

නීතිඥ ප්‍රවීණ සේනාධීර මහතා සහභාගි වූ නීතිය පිළිබඳ සරල හැදින්වීමක් සමඟ LAW TIMES ප්‍රථම වැඩසටහන නරඹන්න පහත Link එකෙන් පිවිසෙන්න.



(colombotimes.lk)