02 January 2025


Peoples Remittance වාසි කෝටියයි වැඩසටහනේ රුපියල් විසිපන්දහසේ ජයග්‍රාහකයන් මෙන්න



මහජන බැංකුවේ 'Peoples Remittance' වාසි කෝටියයි 2024 දිනුම් ඇදීමේ තරගයේ මාසික දිනුම් ඇදීමෙන් මැයි, ජූනි හා ජූලි මාසයන්ට අදාළව රුපියල් 250,000 බැගින් දිනාගත් ජයග්‍රහකයන්ට හිමි ත්‍යාගයන් පිරිනැමීම පසුගියදා සිදු කෙරුණා.

ඒ අනුව මැයි මස ජයග්‍රාහකයා වූ පේරාදෙණිය ශාඛාවේ ජයග්‍රාහකයාට මෙන්ම ජුනි මස ජයග්‍රාහකයා වූ කුවේට් රාජ්‍යයේ එම්. එම් මොහොමඩ් අරූස් මහතාට චෙක්පත් ප්‍රදානය කිරීම සිදු වුණා.

ජූලි මස ජයග්‍රාහකයා බවට පත්වුණේ බලංගොඩ ශාඛාවේ ජී. දිව්‍යා මහත්මියයි.

(colombotimes.lk)