05 January 2025


ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්



කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) නව සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් අබේසේකරව පත්කර තිබෙනවා.

ඔහු පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35කට අධික කළමණාකරන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු වරලත් ගණකාධිකාරීවරයෙක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණය ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියද හිමි කරගෙන තිබෙනවා.
 
(colombotimes.lk)