05 January 2025


කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂ WhatsApp අංකයක් හඳුන්වාදෙයි



කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වාදී තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා 0707 22 78 77 යන මෙම නව whatsApp අංකය හඳුන්වාදුන් බවයි.

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ජනතාව අපේක්ෂා කරන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදු කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් මෙම නව whatsApp අංකය හඳුන්වාදීමේ තවත් එක් අරමුණක් බව කම්කරු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
 
(colombotimes.lk)