යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා සෑම දිනකම පැය 2ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීම වෙනුවෙන්.
මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා එලෙස වනෝද්‍යානය වසා තැබෙන බවයි වාර්තා වන්නේ.
වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලසීමාවේ පැමිණෙන සංචාරකයන් පටනංගල සංචාරක විවේකාගාරය තුළ රැඳී සිටිය යුතු බවයි.
(colombotimes.lk)