මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂව මේ වන විට කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්රාත්වරිය නියෝග කර තිබුණේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂව අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මේ වන විට අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)