colombotimes.lk
සිංහල | English

03 May 2024

උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණය කෙරේ



මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එළැඹෙන ජුනි මාසය වනවිට මෙය සිදුකිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දීමේ අරමුණෙන් මෙය සිදුකර තිබෙනවා.

මේ සඳහා පාසල් 3,000ක් තෝරාගෙන ඇති අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළැඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකලා.
(colombotimes.lk)