රාජ්‍ය සේවකයන්ට දීමනාවක් නොව මූලික වැටුප් වැඩිකිරීමක් සිදු කළ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඒ අයවැය තුන්වෙනි වර කියවීමේ අවසන් දිනය වන අද (21) විවාදයට එක්වෙමින්.
අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවයි.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි නොකර යම් දීමනාවක් ලබාදීමේ හැකියාව රජයට තිබුණද එසේ නොකළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.