colombotimes.lk
සිංහල | English

17 May 2024

"මගේ අවුරුදු 15 ට මම මෙච්චර පහත් කණ්ඩායමක් දැකල නෑ " - ඇන්ජලෝ මැතිව්ස් (VIDEO)



ලෝක කුසලාන තරගාවලියේ, බංග්ලාදේශ තරගය අතරතුර ‘ටයිම් අවුට්’ අවස්ථාවට මුහුණදී දැවීගිය ඇන්ජලෝ මැතිව්ස්, තමාට ලබාදුන් දැවීයෑමේ තීරණය අභියෝගයට ලක්කර තිබෙනවා. 

ඒ අනුව තරගයේ සිවුවැනි විනිසුරු ඇඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් මතභේදාත්මක ‘ටයිම් අවුට්’ දැවීයෑම ලබාදීමේදී නිවැරදිව ක්‍රියාකර නොමැති බවයි X (Twitter) පණිවිඩයක් නිකුත් කරමින් මැතිව්ස් පවසන්නේ. 
 
එමෙන්ම තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවටද එක්වෙමින් මැතිව්ස් සඳහන් කළේ, බංග්ලාදේශ කණ්ඩායම මෙහිදී කටයුතු කළ ආකාරය ගැන තමා කණගාටුවට පත්වන බවයි.
(colombotimes.lk)