ජපානයේ ආරක්ෂක අමාත්‍ය Gen Nakatani අද (04) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.
ඒ අරලියගහ මන්දිරයේදීයි.
එහිදී ආරක්ෂක සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.
ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සහයෝගී උත්සාහයන් සඳහා ජපානයේ කැපවීම එහිදී ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා යළි තහවුරු කළා.