06 July 2025

logo

දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක දැනුම්දීමක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

අකුණු මඟින් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

 
(colombotimes.lk)