28 April 2025


Titan මෙහෙයුම ගැන ඇමරිකාවෙන් ප්‍රශ්න කරයි



Titan සබ්මැරීනයේ ගමන් කර මියගිය පුද්ගලයින් 5 දෙනා සම්බන්ධයෙන් මේ වනවිට විශාල අවධානයක් යොමුව තිබෙනවා. 

ඒ, ඔවුන් 5 දෙනා වෙනුවෙන් සිදුකිරීමට නියමිත කුමක්ද යන්න පිළිබඳවයි. 
 
මේ සම්බන්ධයෙන් ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු සොයා ගැනීම සම්බන්ධයෙන් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි. 
 
එමෙන්ම පරීක්ෂණ කණ්ඩායම් එම ස්ථානයෙන් ඉවත් කිරීම සහ පරීක්ෂණ යාත්‍රා සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවද ඔවුන් සඳහන් කළා. 
 
මීට අමතරව සබ්මැරීන් යාත්‍රාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුවක් මතුව තිබෙනවා. 
 
ඒ, එය Titanic වෙත යාමට පෙර එහි ආරක්ෂාව තහවුරු කළ අයුරු සම්බන්ධයෙන්.
(colombotimes.lk)