Clean Sri Lanka වැඩසටහන යටතේ ක්රියාත්මක වන බස් රථ සහ රියදුරන් පරීක්ෂාව හේතුවෙන් ගැටලු රැසකට මුහුණපා සිටින බව බස් සංගම් නියෝජිතයන් පවසනවා.
ඒ සඳහා විසඳුමක් ලබාගැනීමට පොලිස්පතිවරයා හමුවීමට ඔවුන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටලු සඳහා නිසි විසඳුමක් නොලැබුණහොත් අනිද්දා (08) සිට බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පොළොන්නරුව ප්රාදේශීය බස් රථ ධාවකයන් ප්රකාශ කළා.
(colombotimes.lk)