colombotimes.lk
සිංහල | English

03 May 2024

VIDEO | ඔබටත් තෑග්ගක් හෝ පාර්සලයක් ගැන SMS එකක් ආවද? එහෙනම් පරිස්සමෙන්!



මේ උත්සව සමයේදී ඔබේ නමින් පාර්සලයක් ලැබී ඇති බව පවසා ඔබගේ බැංකු කාඩ් පත් වලින් සහ බැංකු ගිණුම්වලින් මුදල් සොරකම් කිරීමට උත්සහ කරන අපරාධ කණ්ඩායම් කිහිපයක්ම යළිත් ක්‍රියාත්මක වී තිබෙනවා.

මේ ඔවුන් එම මුදල් වංචාව සිදු කිරීම සඳහා යොදා ගනු ලැබූ දුරකථන අංක වලින් කිහිපයක්.
 
072-7050594
075-9875748
075-1253975
071-0772038

මේ දැක්වෙන්නේ එලෙස පැමිණි ව්‍යාජ පණිවුඩයක්,

මෙම SMS එකෙහි ඇති Link එක Click කළ විට ඔබව පිවිසෙන්නේ මෙවන් වෙබ් අඩවියකටයි. ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් ලෙස නිර්මාණය කර ඇති මෙය සම්පුර්ණයෙන්ම ව්‍යාජ එකක්.

මෙම වෙබ් අඩවියට පිවිස ඔබේ Credit කාඩ් පතෙහි තොරතුරු, බැංකු ගිණුමේ තොරතුරු ඇතුළත් කිරීමෙන් ඔබගේ ගිණුමෙහි තිබෙන මුදල් ඔවුන්ට සොරකම් කිරීමට ඇති හැකියාව විවර වනවා.

එම නිසා ලැබෙන කෙටි පණිවුඩ ඉතා ප්‍රවේශමෙන් කියවා බලන ලෙසත් නොදන්නා වෙබ් අඩවිවලට ඔබගේ ගිණුම් තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙසත් ඔබගේ OTP අංකය, Pin අංකය වැනි අතිශය පුද්ගලික තොරතුරු වෙනත් තෙවන පාර්ශවයන් සමඟ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත් Colombo Times අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.

මෙම කූට උපක්‍රමය පිළිබඳව තවදුරටත් දැනුවත් වීම සඳහා පහත වීඩියෝව අවසන් වන තුරු නරඹන්න. ඔබ හඳුනන තවත් කෙනෙකුට මෙම කූට උපක්‍රමයට හසු නොවීම සඳහා මිතුරන් අතරේ මෙම ප්‍රවෘත්තිය share කරන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.  
(colombotimes.lk)