31 May 2025


ගැරඬිඇල්ල බස් අනතුරට හේතුව හෙළිවෙයි



පසුගිය 11වනදා ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් අනතුරට හේතුව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කර තිබෙනවා.
 
එහි සඳහන් වන්නේ අදාළ පරීක්ෂණ වාර්තාවේ නිගමනයට අනුව අදාළ බස් රියදුරා නියමිත කාලය විවේක නොගෙන දීර්ඝ කාලයක් බස් රථය ධාවනය කරවා ඇති බව අනාවරණය වී ඇති බවයි.

පැය හතරහමාරක ධාවන කාලයක් සඳහා පැය භාගයකට නොඅඩු කාලසීමාවක් විවේක ගතයුතුව පවතින බව
පරීක්ෂණ මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් ලබාගත් තොරතුරු අනුව අදාළ රියදුරා වැලිමඩ ප්‍රදේශයේදී විවේකගෙන ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ රියදුරා මෝටර් වාහන පනතේ වගන්ති උල්ලංඝණය කර ඇති බවද පරීක්ෂණ මණ්ඩලයේ නිගමනය වී තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරට හේතුවූ සියලු කාරණා සඳහා එම රියදුරු තනිව වගකිවයුතු නොවන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNtf7WmS0sj4RlyajX5DzI6ZjlQU2EEQnOC7eLQUhWMBqNMqpa5n1UvSGx2Ho1WMU6jfMPYj9BjarF0vuVDXf4c42dU_QXHVwj295YqhiLE1mW0_8kA7E7Q3wtm0MhQpbqpJFNtYCgSUjN8QSHVNdVR3gUikVcYN1HYX7UEAM1iQJH3gB4Jao-gFtqNzth/s1600/02.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivFZbYZmKXESNZ9fCC_LbPuHdPLa53KwbOdWZXTTYhdzpljfCGSCrTzVT698FJ6CEU1h7jiruRw1mNtaTBqXcs9W7fz89nssSik8NpyX9koP4_eMbxm7UvT4M4I9UEtYgDW9a7tJYvh_By_LT YA3HLXzb1MIzBguo4sK7NZ0PuYfAxHyZdCuhKRD6t6O/s1600/03.jpg 

(colombotimes.lk)