colombotimes.lk
සිංහල | English

02 May 2024

ඡන්ද දෙකම එකට තියන්න නීතියෙන් ඉඩක් නැහැ - සමන් රත්නායක



ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකට පැවැත්වීමට හැකි නීතිමය පසුබිමක් රටේ නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක පවසනවා.

නිශ්චිත කාලවලදී ඒ ඒ මැතිවරණ පවත්වන්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මෙම වර්ෂයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)