ලංකාවට පහසුකම් සහිත අලි රෝහලක් ලබාදීම ගැන තායි රජයේ අවධානය යොමු කරන බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති Poj Ho pol මහතා හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා හමු වී පවසා තිබෙනවා.
මුතු රාජා ගෙනගියේද නිසි ප්‍රතිකාර නොලැබුණු නිසා බවත් නිසි ප්‍රතිකාර සිදුකළේනම් මුතු රාජා ඇතා ලංකාවේම රඳවාගැනිමට හැකිව තිබුණ බවයි ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා පවසා ඇත්තේ.
අලි ඇතුන් රෝගිවුවිට ලංකාවේ අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති බැවින් ලංකාවට අලි රෝහලක අවශ්‍යතාව පෙන්වා දි ඇති හිටපු දියවඩන නිලමේවරයා ඒ සදහා රාජ්‍ය මට්ටමින් උපකාර කරන ලෙසද ඉල්ලා තිබෙනවා.
තායිලන්තයේ ඇති අලි රෝහල් දෙකටම තමන් ගිය විට එහි අලින් වෙනුවෙන් එක්ස්රේ යන්ත්‍ර,ස්කෑන් යන්ත්‍ර මෙන්ම විවිධ වෛද්‍ය පහසුකම් ඇතිබව තමා දුටු බවත් ලංකාවට අවශ්‍ය වන්නේ එවන් පහසුකම් සහිත අලි රෝහලක් බවත් මෙහිදි තානාපතිවරයාට පෙන්වා දි ඇති හිටපු දියවඩන නිලමේවරයා ඒ සදහා රාජ්‍ය මට්ටමින් සහව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සදහා රාජ්‍ය මට්ටමින් උපරිම සහයෝගය ලබාදිමට උත්සහ කරන බවත් තායිලන්තයෙන් විශේෂ කණ්ඩායමක් ළඟදීම පැමිණ ඒ ගැන අධ්‍යයනයක් කරන බවත් මෙහිදි තානාපතිවරයා පවසා තිබුණා.
(colombotimes.lk)