21 March 2025


මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට ජනපතිගෙන් ලිපියක්*



තමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබාදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

එමෙන්ම ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කිරීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)