06 June 2025


කටුනායක සිට කොළඹ දක්වා නව අධිවේගී මාර්ග බස් සේවාවක්



කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ කොටුව අතර නව අධිවේගී මාර්ග බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා. 

ඒ අනුව මෙම බස් රථ සේවාව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හරහා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. 

කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයෙන් මගීන්ට බස් රථයට පැමිණිය හැකියි. 

මගී පහසුව වැඩි දියුණු කිරීම සඳහා දියත් කරන ලද මෙම බස් සේවාව දිනපතා පැය 24 පුරා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නී.

(colombotimes.lk)