2025 වසරේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම මඟින් වෙන්කළ ප්‍රතිපාදනවල ඉතිරි මුදල් අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ චක්‍රලේඛය ඊයේ (23) දිනයේ නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින්.
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් පියවීම සඳහා රුපියල් බිලියන 1,402ක අතුරු සම්මත ගිණුමක් පසුගිය දෙසැම්බර් 06වනදා නව රජය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තා.
එහිදී රජයේ කාර්යන් හා ණය සේවාකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 976ක් පුනරාවර්තන වියදම් ලෙස වෙන් කළා.
කෙසේ වෙතත් 2025 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ මෙම වසර තුළ වියදම් දැරීම සඳහා අධිකාරී බලය ලබාදෙමින් මුදල් අමාත්‍යංශය විසින් රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.