ධීවරයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රකාශ කළා.
ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකඟතාවය පළකර ඇති බවයි.
ඒ අනුව එළඹෙන අය වැයෙන් පසු ධීවරයන් සඳහා මෙම රක්ෂණය ලබාදීමට නියමිත බව ඔහු සඳහන් කළා.
මෙහිදී පූර්ණ සහ අර්ධ දේපල හානිවලදී මෙන්ම ජීවිත හානිවලදී ප්රතිලාභ ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)