ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ අද (10) යාපනයේ සංචාරයක නිරත වී තිබෙනවා.
ඒ යෝජිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ භූමිය නිරීක්ෂණය කිරීම වෙනුවෙන්.
මෙම සංචාරය අතරතුරදී උතුරු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම අරමුණු කරගත් පහසුකම සංවර්ධනය කිරීම සඳහා වන මූලික සැලසුම් සාකච්ඡා කර තිබෙනවා.
ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙහි ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා මූල්‍ය ආධාර ලබාදෙන ලෙස පසුගියදා සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කළා.
(colombotimes.lk)