colombotimes.lk
සිංහල | English

19 May 2024

අනුර සහ බෙන් මෙලර් අතර හමුවක්



එක්සත් රාජධානියේ විදේශ පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (06) පැවැත්වුණා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම හමුව සඳහා හුමයිරා හාෂියා මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් මහතා ද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව සිටියා.
(colombotimes.lk)