කම්කරු අමාත්‍යාංශය ඩිජිටල්කරණයට ලක්කරමින් එහි සේවා කඩිනමින් සහ ඵලදායි ලෙස ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පවත්වා තිබෙනවා.
ඒ කොළඹ පිහිටි කම්කරු අමාත්‍යාංශයේදීයි.
කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී කම්කරු අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන ආයතනයක් වන කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා වඩා කඩිනම් සහ ඵලදායි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධනයට ලක්කර තිබෙනවා.
සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට කඩිනමින් අදාළ සේවා අවම කාලයකින් සැපයීමත් මාර්ගගතව සහ ඩිජිටල්කරණය මඟින් ලබාදිය හැකි සේවා කාර්යක්ෂමව ලබාදීමටත් එහිදී අවධානය යොමුවුණා.