විද්‍යාපීඨවල පුහුණුව ලබමින් සිටින ගුරු සිසුන් සඳහා ආබාධ සහිත දරුවන් හැසිරවීම පිළිබඳව මාස 6ක පුහුණුවක් ලබාදීමට යෝජනා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දන්වා තිබෙනවා.
ඒ එම කාරක සභාව එහි සභාපති කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8වනදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීයි.
එමඟින් ආබාධ සහිත දරුවන්, සාමාන්‍ය දරුවන් හා සමානව සලකා කටයුතු කිරීමට ගුරුවරුන්ට අවශ්‍ය දැනුම හා ආකල්ප ලබාදීමට අපේක්ෂා කර තිබෙනවා.
(colombotimes.lk)