18 March 2025


රන් මිලෙහි දැනෙන වෙනසක්



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (18) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 892,676ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (17) සටහන් වුණේ රුපියල්  885,753ක් ලෙසයි.
 
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල්  230,950ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල්  28,870ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 27,560ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)